ජනතාවට නොමිලේ එන්නත ලබා දෙනවා - බ්‍රසීල ජනපති
තම රජය විසින් අනුමත කරන ලද නව කොරෝනා වෛරස එන්නත් ජනතාවට නොමිලේම බෙදාදෙන බවත්, නමුත් තමන් එන්නත් කිරීමක් නොකරන බවත් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසයි.
බොල්සොනාරෝ ජූලි මාසයේදී වෛරසය වැලඳීමෙන් පසුව පවා කොවිඩ්-19 හි බරපතලකම අවතක්සේරු කර ඇති අතර අනාගත එන්නත් පිළිබඳව සැක මතු කිරීමද මෙම ප්‍රකාශය හරහා පෙනෙන බව විදෙස් වාර්තා පවසයි.
ඖෂධ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද එන්නත් ෆෙඩරල් රජය විසින් මිලදී ගන්නා බවත්, ඒවා නොමිලයේ සහ ස්වේච්ඡා පදනමින් ජනතාවට ලබාගත හැකි ආකාරයට පහසුකම් සලසන බවත් බොල්සොනාරෝ කීවේය.
"මම ඔබට කියන්නෙ, මම නම් එය ගන්නෙ නැහැ. මොකද ඒක මගේ අයිතිය" බොල්සොනාරෝ පැවසීය.
එසේම එරට කොංග්‍රසයට විසින් එන්නත අනිවාර්ය කිරීමට හැකියාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
ලොව පුරා කොවිඩ්-19 ආශ්රිත මරණවලින් දෙවැනි වැඩිම අගය බ්‍රසීලයට හිමිව ඇති අතර, සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් තුන්වැනි ස්ථානයට පත්ව ඇත.



popular news
-
Demuni Uduwara Saturday, 28 November 2020 10:16 PM
Our President is otherwise!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

