චීනයේ කොවිඩ්-19 ව්‍යාප්තිය හා මේ වනවිට ලබා ඇති ප්‍රගතිය
අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය වනවිට චීන ප්‍රධාන භූමියේ දිනක් තුළ නව කොරෝන වෛරස් රෝගීන් 119ක් තහවුරු වී ඇති අතර තවත් මරණ 38 ක් වාර්තා වී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
ඒ අනුව, මේ වනවිට චීන භූමියේ තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 80,270ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 2,981කි.
එදිනම චීන සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ තවත් රෝගීන් 2,652ක් රෝහල්වලින් පිටව ගොස් ඇති බවත්, සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 49,856ක් බවත්ය.
හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපවල තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් 100ක් හා 10ක් වන අතර, හොංකොං හි දෙදෙනෙකු මියගොස් ඇත. එමෙන්ම හොංකොං සහ මැකාවෝ පිළිවෙළින් 37ක් සහ 9ක් සුවය ලබා තිබේ. මේ අතර තායිවානයේ ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ දෙකකි. එමෙන්ම 12 දෙනෙකු සුවය ලබා ඇත.
මේ අතර, මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ COVID-19 රෝගීන් 115ක් වාර්තා වූ අතර, එම පළාතේ මුළු සංඛ්‍යාව 67,332ක් විය.
එදිනම හුබෙයි හි තවත් මරණ 37ක් වාර්තා වූ අතර, සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝගීන් 2,389ක් රෝහල්වලින් පිටව ගොස් ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

