චීනයෙන් අභ්‍යවකාශ පරිසර අධ්‍යයනයට චන්ද්‍රිකාවක්
අභ්‍යවකාශ පරිසර අධ්‍යයනය සඳහා චීනය සැලසුම් කළ චන්ද්‍රිකාවක් දියත් කිරීමට කටයුතු කර තිබේ. උතුරු චීනයේ ෂැන්සි පළාතේ තායුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලෝන්ග් මාර්ච්-4 බී රොකට්ටුවක් මගින් මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශය වෙත රැගෙන යන ලදී.
ෂියාන්-6 ශ්‍රේණියේ තුන්වැනි චන්ද්‍රිකාව අද (09දා) පෙරවරු 7.01 ට දියත් කරන ලදී. අභ්‍යවකාශ පරිසර සමීක්ෂණ සහ අදාළ තාක්ෂණයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කිරීමට මෙය යොදා ගන්නා බව කියයි.
පළමු හා දෙවැනි ෂියාන් -6 චන්ද්‍රිකා දෙකම චීනයේ ලෝන්ග් මාර්ච්-2 ඩී රොකට්ටුව විසින් පිළිවෙලින් 2018 නොවැම්බර් සහ 2020 ජූලි මාසවලදී සමාන අරමුණු සඳහාම දියත් කර තිබුණි.
ලෝන්ග් මාර්ච්-4 බී රොකට්ටුව යනු අදියර තුනකින් යුත් වාහක රොකට්ටුවකි. විවිධ කක්ෂවලට විවිධ චන්ද්‍රිකා දියත් කිරීමට මෙම රොකට්ට හැකියාව ඇති අතර තනි ගුවන් ගමනකදී චන්ද්‍රිකා කිහිපයක් වුවද දියත් කළ හැකිය.
ඒ අනුව අද දියත් කිරීම ලෝන්ග් මාර්ච් රොකට්ටු මාලාවේ 365 වැනි අවස්ථාවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

