චීනය තුළ එන්නත් දෙකම ලබාගත් අය බිලියනය පනී
චීනය තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස බිලියනයක් ඉක්මවා ඇති බව එරට ජාතික සෞඛ්‍ය කමිටුව විසින් ඊයේ (16දා) නිවේදනය කරන ලදී.
කොවිඩ්-19 වසංගතයට එරෙහි එන්නත්කරණයේදී ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණයක් සිදුකළ රටක් ලෙස චීනය සැලකෙයි.
එමෙන්ම ඉන් නොනැවතී, චීනයේ නිෂ්පාදිත එන්නත් පරිත්‍යාග සහ අපනයන ලෙසද ලොවපුරා රාජ්‍යයන්ට පිරිනමමින්, වසංගතයට එරෙහි සටනේ වඩාත් සාධාරණ එන්නත් සැපයුමක් සඳහාද චීනය කටයුතු කළ බව නොරහසකි.
චීනයේ නිෂ්පාදිත Sinopharm සහ Sinovac යන එන්නත් මෙම ඉලක්කය සපුරාගැනීමේදී බහුල වශයෙන් රට තුළ පරිපාලනය කර ඇති බවද සඳහන් වෙයි.
එමෙන්ම චීනය විසින් මේ වනවිටත් ලෝකය පුරා බෙදාහරින, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලබා ඇති මෙම එන්නත් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව පවා ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර ඇති බව විද්‍යාඥයෝ පවසති.



popular news
-
Kumar Friday, 17 September 2021 10:11 PM
cheenaye ennath labagaththa kiyala deyak naha. Kamaththen hari akamaththen hari ennath denawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

