චීනය WHO වෙත අතිරේක ඩො. මිලියන 30ක් ලබාදෙයි
කොරෝනා වෛරස වසංගතයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම සඳහා චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අතිරේක ඩොලර් මිලියන 30ක් පරිත්‍යාග කරන බව චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින් ඊයේ (23දා) නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
"කොවිඩ්-19 ට එරෙහි ගෝලීය අරගලයට සහාය දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට අතිරේක ඩොලර් මිලියන 30 ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහායි" යනුවෙන් එහි දැක්වෙයි. චීනය මීට පෙර මාර්තු 11දා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 20 ක් පරිත්‍යාග කළ බව ඇය පැවසුවාය.
පසුගිය සතියේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම නවත්වන බව පවසමින් කියා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යභාරය තුළ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනයේ දැඩි කළමනාකරණ දුර්වලතා සහ වෛරසය පැතිරීම වසන් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් කරන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

