චීන යානයක් අඩි 20000ක් හදිසියේ පහත් කළේ ඊ-සිගරට්ටුවක් නිසාලු
එයාර් චයිනා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගියදා හදිසියේම අඩි 20,000ක් පහළට ගැනීමට සිදුව ඇත්තේ යානයේ සහායක නියමුවා ඊ-සිගරට්ටුවක් පානය කිරීම නිසා බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
එහිදී, ඊ-සිගරට්ටුව පානය කිරීම සම්බන්ධයෙන් මෙම සහායක නියමුවා කරුණු වසන් කිරීමට උත්සාහ කර ඇති බව චීන මාධ්‍ය පවසයි. එමෙන්ම, වායුසමනය වැරදීමකින් ක්‍රියාවිරහිත වීමෙන් ඔක්සිජන් මට්ටම පහත වැටුණු බවද ඔහු පරීක්ෂණය හමුවේ කරුණු පවසා ඇත.
හොංකොං සිට චීනයේ ඩාලියාන් නගරය දක්වා පියාසරමින් තිබූ මෙම යානය නියමිත පියාසර උසෙහි සිට හදිසියේම අඩි 21,000ක් පමණ පහළ ගෙන, හදිසි ඔක්සිජන් සැපයුම්ද මගීන් වෙත ක්‍රියාත්මක කර තිබුණි.
කෙසේ වෙතත්, පසුව යළිත් නිශ්චිත පියාසර උස වෙත ගමන් කර තිබූ යානය කරදරයකින් තොරව ගමනාන්තය වෙත ළඟා වී තිබුණි.
ඒ අනුව, මෙය ගුවන් නියමුවන්ගේ දුම්පානය නිසා සිදුව ඇති බලවත් වරදක් බව විශ්වාස කරන චීන මාධ්‍ය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසද ගුවන් බලධාරීන් වෙත දන්වා සිටී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

