වලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසාහි පහසුකම් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හරහා චීන ජාතිකයන්ට නාසා ආයතනයේ සේවය කිරීමට ඇති අවස්ථාව අවහිර වෙනු ඇත.
නාසා හි කොන්ත්‍රාත්කරුවන් ලෙස හෝ පර්යේෂණ සඳහා දායක වන සිසුන් ලෙස පමණක් සේවය කළ හැකි චීන ජාතිකයින්ට සැප්තැම්බර් 5 වන දින නාසා හි පද්ධති සහ පහසුකම් වෙත ඇති සියලුම ප්රවේශයන් අහිමි කර තිබේ.
පසුව නාසා ආයතනය මෙය තහවුරු කරමින් කියා සිටියේ චීන ජාතිකයින්ට "ආරක්ෂාව සහතික කිරීම සඳහා ආයතනයේ පහසුකම්, ද්‍රව්‍ය සහ ජාල" භාවිතා කිරීම සීමා කරන බවයි.
චීනයේ වේගවත් අභ්‍යවකාශ වැඩසටහන එක්සත් ජනපදයට ගැටලුවක් වී ඇති අතර අභ්‍යාවකාශ වැඩසටහන් සම්බන්ධයෙන් රටවල් දෙක අතර තරඟය වේගවත් කර ඇත.