චීන ජනගහනයෙන් සියයට 80කට කොවිඩ් වැලඳිලාලු
චීනයේ පුද්ගලයන් 10දෙනෙකුගෙන් 08දෙනෙකුට දැන් කොවිඩ්-19 ආසාදනය වී ඇති බව රජයේ ප්‍රකට විද්‍යාඥයෙක් ප්‍රකාශ කරයි.
චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වූ සුන්යූ, චන්ද්‍ර අලුත් අවුරුද්දට පෙර සෙනසුරාදා පැවසුවේ, බිලියන 1.4ක ජනගහනයක් සිටින රටේ වත්මන් වසංගත රැල්ල දැනටමත් 80%කට පමණ ආසාදනය වී ඇති බවයි.
ඔහුගේ ප්‍රකාශය පැමිණියේ චන්ද්‍ර අලුත් අවුරුදු නිවාඩු කාලය ආසන්නයේ සිදුවන සංචාරක තදබදය හෙවත්, ලෝකයේ විශාලතම මානව සංක්‍රමණය හමුවේය. ඒ අනුව, වෛරසය ගම්බද ප්‍රදේශවලට පැතිරී දෙවැනි ආසාදන රැල්ලක් ඇති කළ හැකි බවටද සැලකිල්ලක් පැවතුණි.
නමුත් වූ, ඔහුගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් දක්වමින් කියා සිටියේ දැනටමත් බොහෝ පුද්ගලයින් ආසාදනය වී ඇති බැවින් මෙම තත්ත්වය සිදුවිය නොහැකි බවයි.
“ඉදිරි මාස දෙක තුන තුළ, රට පුරා මහා පරිමාණ කොවිඩ්-19 නැවත ඇතිවීමේ හෝ දෙවැනි ආසාදන රැල්ලක ඇති හැකියාව ඉතා කුඩායි” වූ වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

