චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ටියැන්ෂෝ-4 ළඟාවෙයි
මෙම වසරේදී වැඩ අවසන් වීමට නියමිත චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ලබාදීම සඳහා සිසුකළ නවතම අභ්‍යවකාශ තරණය සිදුකරමින්, එරට ටියැන්ෂෝ-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වී තිබේ.
චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සියට අනුව, ලෝන්ග් මාර්ච්-7 Y5 රොකට්ටුව මගින් ගෙන යන ලද, ටියැන්ෂෝ-4 දකුණු දූපත් හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් බීජිං වේලාවෙන් අලුයම 1:56ට පිටත්ව ගොස් ඇත.
මීට පෙර සිදුකළ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ ගමන් මෙන්ම, ටියැන්ෂෝ-4 විසින් ගගනගාමීන් සඳහා මාස හයක ජීවන සැපයුම්, අභ්‍යවකාශ මධ්‍යස්ථාන නඩත්තු සඳහා අමතර කොටස් සහ අභ්‍යවකාශ පර්යේෂණ උපකරණ ඇතුළු සැපයුම් කාණ්ඩ තුනක් රැගෙන ගොස් ඇත.
එමෙන්ම, ටියැන්ෂෝ-4 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට ගතවූයේ පැය 6.5ක් පමණක් වන වේගවත් ඩොකින් තාක්ෂණයක් බවද කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
