චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ද්‍රව අයිස් ඇති බවට වඩාත් තහවුරු සාක්ෂියක් 2008 - 2009 යන වර්ෂවල සඳ ගවේෂණය කළ ඉන්දියාවේ චන්ද්‍රයාන් -1 යානයේ සවිකළ උපකරණයක දත්ත පෙන්වා දී ඇත.
මෙම අයිස් නිධි චන්ද්‍රයාගේ උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව පැවති බවට මෙම තොරතුරු හෙළිකර තිබෙන්නේ ප්රොසීඩින්ග්ස් ඔෆ් ද නැෂනල් ඇකඩමි ඔෆ් සයන්ස් සඟරාව මගිනි.
දක්ෂිණ ධ්‍රැවයේ ඇති ආවාට තුළත්, උත්තර ධ්‍රැවයෙහි තැනින් තැනත් මෙම අයිස් නිධි පැතිර තිබූ බවද එම තොරතුරු අනාවරණය කරයි.
දහවල් කාලයේදී චන්ද්‍රයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ක පිළිස්සී යන තරමේ උෂ්ණත්වයකට ළඟා වන බැවින් සඳ මතුපිට අයිස් රැඳී තිබිය හැකි තරමේ හිතකර තත්ත්වයක් පැවතීමටද අවස්ථාවක් නොමැත.
නමුත්, චන්ද්‍ර අක්ෂය අංශක 1.54ක පමණ ආනතියකින් යුතු නිසා චන්ද්‍ර ධ්රැවයන්හි කිසිදා හිරු එළිය නොවැටෙන ප්‍රදේශද පවතී. මෙවැනි ඇතැම් ආවාටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 157ක් තරම් වන බැවින් ද්‍රව - අයිස් නිධි දීර්ඝ කාලයක් ස්ථාවර පැවතීමට සුදුසු පරිසරයක්ද සඳ මතුපිට පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මේ ආකාරයෙන් චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත ප්‍රමාණවත් තරම් අයිස් තිබෙන්නේ නම්, අනාගතයේදී මිනිසා සඳ තරණය කරන මෙහෙයුම්වලදී සම්පතක් ලෙස ජලය ලබාගැනීමේ ඉඩක් පැවතිය හැකි බව විද්යාඥ්යයෝ වැඩිදුරටත් පවසා සිටිති.