ඇමෙරිකානු විශ්වවිද්‍යාල වෙත චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි වශයෙන් ඇද ගැනීමේ බලාපොරොත්තුව ඇතිව චීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය වන ගාඕකාඕ විභාගය ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක් විසින් සිය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාද පිළිගෙන තිබේ.
ඒ අනුව, ඇමෙරිකානු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක් ලෙස චීන විභාගය පිළිගත් ප්‍රථම විශ්වවිද්‍යාලය බවට නිව් හැම්ප්ෂෙයර් විශ්වවිද්‍යාලය පත්ව ඇත.
චීනය ඇමෙරිකාව වෙත විශාල වශයෙන් සිසුන් අපනයනය කරන රාජ්‍ය වන අතර, මේ වනවිට 377,000ක් පමණ චීන සිසුන් පිරිසක් ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටිති.
පසුගිය සතියේදී චීනයේ පැවති විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට චීන සිසුන් මිලියන 10ක් වාඩිවී ඇති අතර, මෙම අවස්ථාව ඉලක්ක කරමින් නිව් හැම්ප්ෂෙයර් විශ්වවිද්‍යාලය මෙම නව බඳවා ගැනීමේ කොන්දේසි ඉදිරිපත් කර තිබේ.