ගැටුම් උත්සන්න ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් නවතයි
ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා සහ පලස්තීන සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වීමත් සමග ගෝලීය ගුවන් සමාගම් රැසක් ඊශ්‍රායලය වෙත සිදුකරන ගුවන් ගමන් අවලංගු කරමින් සිටියි.
ඩෙල්ටා එයාර් ලයින්ස්, ඇමරිකානු ගුවන් සේවය, යුනයිටඩ් එයාර්ලයින්ස්, ලුෆ්තන්සා සහ බ්‍රිටිෂ් එයාර්වේස් යන සමාගම් මේ වනවිටත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ පලස්තීන රොකට් ප්‍රහාරවලින් දින කිහිපයකට පසු සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
බදාදා සහ බ්‍රහස්පතින්දා නිව්යෝක්හි ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ටෙල් අවිව් අතර ගුවන් ගමන් ඩෙල්ටා ගුවන් සේවය සහ ඇමෙරිකානු ගුවන් සේවය පැවසීය. එමෙන්ම යුනයිටඩ් එයාර්ලයින්ස් විසින් සෙනසුරාදා දක්වා ටෙල් අවිව් වෙත සහ ඉන් පැමිණෙන ගුවන් ගමන් අවලංගු කර ඇත.
බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ ලන්ඩන් සහ ටෙල් අවිව් අතර ගුවන් ගමන් අවලංගු කළ බව බ්‍රිටිෂ් එයාර්වේස් පවසයි.
සඳුදා පස්වරුවේ ගැටුම් ආරම්භ වූ දින සිට ගාසා තීරයේ සටන්කාමීන් රොකට් 1,500කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයට එල්ල කර ඇති අතර, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන භූමිය වෙත විනාශකාරී ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

