ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටස් ගුවන් සේවය ගුවන් යානා ඉන්ධන මිල ඉහළයෑම ආදී අර්බුද හමුවේ පවා 15%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
මෙම ජූනි මාසයෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ශුද්ධ ලාභය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 980ක් (ඇ.ඩො.මිලියන 557ක්) ලෙස වර්ධනය කරගෙන ඇත්තේ පෙර වසරේ වාර්තා කළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 852ක අභිභවමිනි.
අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම ඉහළ යෑමත්, සිය ව්‍යාපාරය වර්ධනය කරගැනීම සඳහා ඔවුන් දැරූ උපරිම උත්සාහයත් මෙම වර්ධනයට මගපාදා තිබේ.
ඉන් නොනැවතී අමතර සේවකයන් ඉවත් කිරීම, ගුවන් යානා ඇණිය අඩු කිරීම සහ වියදම් වැඩි ගමන් මාර්ග සියල්ල වසා දැමීම ආදී මෙහෙයුම්ද මෙම ආදායම් වර්ධනය කෙරෙහි ඉවහල් වී ඇත.
මේ සියලු ක්රියාමාර්ගයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් සේවය සිය වසර 97ක ගුවන් ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කිරීමට සමත්ව තිබේ.
ක්වන්ටස් ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජොයිස් පවසා සිටියේ මෙම මූල්‍ය වර්ෂයේ ප්‍රතිඵලවලින් සමාගම සීමා මායිම් ඉක්මවා ඉදිරියට යෑමක් පිළිබිඹු කර ඇති බවයි.