බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේදී ජීවිත 72ක් බිලි ගනිමින් මීට වසරකට පෙර ගිනිගෙන දැවුණු ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණ ඛේදවාචකය සිහි කැඳවමින් විනාඩි 72ක නිහඬතාවක් බ්‍රිතාන්‍යයේදී පවත්වා තිබේ.
එමෙන්ම, මෙම ඛේදවාචකයේ පළමු වැනි වසර සිහිකැඳවීම නිමිති කරගනිමින් ලන්ඩනයේ මහල් ගොඩනැගිලි රැසක් රාත්‍රී කාලයේදී කොළ වර්ණයෙන් අලෝකවත් කර තිබීමද කැපී පෙනුණි.
මීට අමතරව, දේවස්ථාන රැසකදී මේ වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වුණු අතර, 'ග්‍රෙන්ෆෙල් සැමදා අප හදවත් තුළ රැඳෙනවා' යන පණිවුඩයද නගරය පුරා දක්නට ලැබුණි.
මේ අතර, ඉන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් සිහි කැඳවමින් විශේෂ පා ගමනක්ද නගර මධ්‍යයේදී සංවිධානය වී තිබුණි.
රුසියාවේ පාපන්දු ලෝක ශූරතාවට සහභාගි වී සිටින බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමද ග්‍රෙන්ෆෙල් වෙනුවෙන් සිය ශෝකය පළ කළ බව සඳහන් වෙයි.