ගැබ්ගැනීමක පළමු සති 14ක කාලය තුළදී ගබ්සාවක් කිරීම නීතිගත කිරීමට අදාළ පනතකට ආර්ජන්ටිනාවේ පහළ මන්ත්රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ආර්ජන්ටිනාවේ කතෝලික පරිසරය තුළ ගබ්සාව නීතිගත කිරීම සම්බන්ධයෙන් කාලයක් පුරා දැඩි මතභේදයක් පැවතුණි.
පැය 22ක කාලයක් පහළ මන්ත්රී මණ්ඩලයේ පැවති විවාදයන්ගෙන් අනතුරුව මන්ත්රණ සභා නියෝජිතයන් 129 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබුණි.
එහිදී, ඊට විරුද්ධව ඡන්ද 125ක් ලැබුණු අතර, එක් අයෙකු නොපැමිණ සිටියේය. ඒ අනුව, මෙම නව පනත එරට සෙනට් මණ්ඩලය වෙත මීළඟට ඉදිරිපත් කෙරෙනු ඇත.
කෙසේ වෙතත්, ආර්ජන්ටිනා ජනපති මොරිසිඕ මාර්සි මෙම පනතට දැඩි විරෝධයක් දැක්වූවත්, පාර්ලිමේන්තු මන්ත්රණ සභා දෙකෙහි අනුමැතිය ඊට හිමි වුවහොත්, ඒ සඳහා තමාගේ බලපෑමක් නොදක්වන බව පවසා තිබුණි.