කොවිඩ් සංකූලතා නිසා මියගිය කොලින් පවෙල්ට උපහාර පුදයි
කොවිඩ් -19 සංකූලතා හේතුවෙන් මියගිය 84 හැවිරිදි හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල්ට උපහාර පුද කෙරේ.
හිටපු උසස් හමුදා නිලධාරියා 18දා උදෑසන මිය ගිය බව ඔහුගේ පවුලේ අය පැවසූහ. ඔහු කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත් ලබාසිටි අයෙකි.
පවෙල් 2001 දී රිපබ්ලිකන් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ පළමු අප්‍රිකානු-ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බවට පත්විය. ඉරාක යුද්ධයට සහයෝගය ලබාගත් අයෙකු ලෙස ඔහු ආන්දෝලනයක්ද ඇති කළේය.
එක්සත් ජනපද මාධ්‍යවලට අනුව පවෙල් මීට පෙර රුධිරගත පිළිකාවකට ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර, මෙය ඔහු කොවිඩ්-19 රෝගය උත්සන්න වීමට ප්‍රධාන හේතුවක් ලෙස විශ්වාස කරයි.
ජනාධිපති ජෝ බයිඩන් පවෙල්ව ආදරණීය මිතුරෙකු ලෙස හැඳින්වූ අතර, ඔහු පැවසුවේ රණශූරයාගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයාගේ ඉහළම පරමාදර්ශ ඔහු මූර්තිමත් කළ බවයි.
හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පවෙල් "මේ රටේ හොඳම දේ තේරුම් ගත්, එම පරමාදර්ශයට අනුකූලව තම ජීවිතය, වෘත්තිය සහ ප්‍රසිද්ධ ප්‍රකාශන ගෙන ඒමට උත්සාහ කළ" අයෙකු බවයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

