කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය
කොවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා සෞදි අරාබිය මක්කම සහ මදීනා නගරවලට පැය 24ක් පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගිය මාසයේ සෞදි රජය නගරවලට ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ නමුත් නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමෙන් පසු ක්‍රමයෙන් දැඩි සීමාවන් පැනවීය.
සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අඟහරුවාදා මක්කම සහ මෙදිනා නගරවලින් පමණක් සාමූහිකව නව රෝගීන් 133ක් වාර්තා වී තිබේ.
සෞදි අරාබියේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක් වන අතර මරණ 21ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ඇඳිරි නීතිය යටතේ හදිසි අවස්ථා හැරෙන්නට, අසල්වැසි ප්‍රදේශවලින් සැපයුම් මිලදී ගැනීමට නිවැසියන්ට පැය 24ක් පුරා තම නිවෙස්වලින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන් වළක්වා තිබේ.
එහිදී ඖෂධ හල්, බැංකු සහ සැපයුම් වෙළෙඳ සැල් හැර, අනෙකුත් සියලු සාප්පු වසා දමා ඇති අතර, නගරවල සහ නගරවලින් පිටත ගමන් කිරීමද නවතා දමා ඇත.
මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ ස්ථානයක් ලෙස සැලකෙන මෙම නගර දෙක සෑම වසරකම මිලියන සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් වන්දනා චාරිකා සඳහා ආකර්ෂණය කරන්නකි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

