කොවිඩ් තුරන් කළ වූහාන් නගරයට WHO සුබ පැතුම්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කොවිඩ්-19 වෛරසය පැතිරීම ආරම්භ වූ හුබෙයි පළාතේ, වූහාන් නගරයෙන් මේ වනවිට කොරෝනා රෝගීන් කිසිවෙකු වාර්තා නොවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ තාක්ෂණික නායක වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් සුබ පැතුම් එක්කර තිබේ.
චීනයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම සම්බන්ධයෙන් නවතම වාර්තා සැලකීමේදී මේ වනවිට වූහාන් නගරයෙන් ආසාදිතයන් වාර්තා නොවන අතර, පසුගිය ජනවාරි මාසයේ සිට අගුළු දමා තිබූ මෙම නගරය යළි විවෘත කෙරුණේ අප්‍රේල් මාසයේදීය.
"වුහාන් නගරයෙන් දරුණු තත්ත්වයන් කිසිවක් නොමැති බව දැනගැනීමට ලැබීම සතුටට කරුණක්. මේ නගරය වෛරසය පැතිරී ගිය මුල් අවධියේදී දරුණුතම බලපෑමට ලක්වූ නගරයයි" වැන් කර්කොව් පැවසීය. "වුහාන් ජනතාව වෙහෙස මහන්සි නොබලා ගත් උත්සාහයට ප්‍රශංසා කිරීම හා ස්තූතිය හැර වෙන කිසිවක් නැහැ."
විශේෂයෙන්ම හදිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නිවසේ රැඳී සිටි වූහාන් වැසියන්ට ඇය ප්‍රශංසා කළාය.
"අපි අපගේ ආචාරය ඔබ වෙත ගෙනඑන අතර, ඔබගේ කැපවීම සහ සේවය වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබට කළ හැකි දේ අප සමඟ බෙදා ගන්න" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ අතර චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නව කොරෝන වෛරස සම්බන්ධයෙන් එක් සිද්ධියක් පමණක් පසුගිය පැය 24 තුළ වාර්තා වූ බව සඳහන් කළ අතර, අඛණ්ඩව දින 4ක් කිසිදු මරණයක් වාර්තා නොවූ බව පවසයි.
ආරම්භයේදී දිනකට ආසාදිතයන් දහස් ගණනක් වාර්තා වෙමින් උච්චතම අවස්ථාවට පත්ව, යළි නැගී සිටි චීනයේ ආසාදිතයන්ගේ විශාල පහත වැටීමක් මෙයින් පිළිබිඹු වන බවත්, අන්තරායකර තත්ත්වය බොහෝ දුරට පහව යෑමක් විද්‍යමාන වන බවත් විදෙස් වාර්තා පවසයි.
අලුතින් වාර්තා වී තිබූ ආසාදිතයාද විදේශයකින් ආසාදිතව පැමිණි අයෙකු වන අතර, රට තුළ සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.


popular news
-
Devinda Uduwara Saturday, 02 May 2020 06:42 PM
WHO How WHOHAN recovered from CORONAVIRUS and tell the world what medications used.
Reply : 0 0
Don Saturday, 02 May 2020 07:49 PM
චොවිඩ් වසංගතය බෝකළ චීනය ගැන මොකද කියන්නේ. මේ කතාකරන්නේ ඩොලර්. ලඟදි ඇමෙරිකාව ආධාර නැවැත්තුව ගමන් චීනය ඊටත් වඩා ඩොලර් වලින් දුන්න.එකේ තියන රස තමයි මේ කියන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

