කොවිඩ් ආසාදිතයන් ලොව පුරා 600,000කට ආසන්නයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ලොව පුරා 595,800ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත උපුටා දක්වයි.
එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බවද එම වාර්තා කියයි.
මින් වැඩිම ආසාදිතයන් පිරිස මේ වනවිට එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එම අගය 103,942කි. දෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිස 86,498ක් ලෙස ඉතාලියෙන්ද, තෙවනුව මේ වනවිට වෛරසය පාලනය කර ඇති චීනයෙන් ආසාදිතයන් 81,897ක්ද, සිව්වනුව ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 65,719ක්ද, ජර්මනියෙන් ආසාදිතයන් 50,871ක්ද ලෙස වාර්තා වෙයි.

popular news
-
anura Saturday, 28 March 2020 07:22 AM
ලෝක සෞඛ්‍ය සංවිධානය අද මේ ඇති වී ඇති භයානක තත්වයට සෘජුව වග කිව යුතුය. මුලින් මෙය ගෝලීය වසංගතයක් බව ප්‍රකාශ නොකර කල් මරමින් සිටියා. තවමත් එහි ලොක්කා කරන්නේ අර කලාපය අවධානම්, මේ කලාපය අවධානම් කියලා ප්‍රකාශ නිකුත් කරමින් සිටීම . පමණි. ඒ බව ඔවුන්ගෙන් දැන ගන්නවාට වඩා හොඳින් මාධ්‍ය ආයතන මගින් කාටත් දැන ගැනීමට හැකිය. තවමත් ගෝලීය නායකයන් විඩියෝ තාක්ෂණය මගින් සමුළුවකට කැඳවා සමූහයක් ලෙස ගත යුතු ක්‍රියා මාර්ග හා පොදු තීරණ ගැන සාකච්ඡා කර නැහ. මෙම රෝගයෙන් මිය ගිය අයගේ මෘත දේහයන් ආදාහනය කිරීම සමහර ආගම් අදහන අය විරුද්ධය. අතීතයේ එංගලන්තයේ මීයන්ගෙන් බෝවූ වසංගතයක් නිසා මිය ගිය අය භූමදාන කළ ප්‍රදේශ අදටත් තහනම් කලාප ලෙස නම් කර ඇත්තේ ඒවා නැවැත ඉස්මතු වීමේ අවධානමක් ඇති නිසාය.වෛරස් යනු ජීවී හා අජීවී ලක්ෂණ දෙකම සහිත දෙයකි. ඒවාට සුදුසු තත්වයක් එනතෙක් වසර ගණනක් සැඟව සිටිය හැක. මේ හේතුව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මිය ගිය අය ආදාහනය කිරීමට තද තීරණයක් දුන්නේ නම්, මෙහිදී ඇතිවන මත භේද අඩු කරගත හැකිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

