කොරෝනා වසංගතය පරාජය කර එය නිවා දමනවා - ට්‍රම්ප්
ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පරාජයට පත්කර, එම වසංගතය නිමා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකානු නායකයා මෙසේ පවසා සිටියේ 2020 වෙස්ට් පොයින්ට් හි කැඩෙට් උපාධිධාරීන් 1,107ක් විසිරි යාමේ උත්සවය අමතමිනි.
මෙම අවස්ථාව සඳහා ට්‍රම්ප් මුඛ ආවරණයක් නොමැතිව පැමිණ සිටියද, සියලුම කැඩෙට් නිලධාරීන් මුඛ ආවරණ පැළඳ, සමාජ දුරස්ථභාවය සහිතව අසුන්ගෙන සිටින ආකාරය දැකගත හැකි විය.
එසේම කොවිඩ්-19 සමග සටන් කිරීමට උපකාර කිරීම ගැන හමුදාවේ සියලුම ස්ථරයන්ට ස්තූතිවන්ත වන බව පැවසූ ට්‍රම්ප්, නව කොරෝනා වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු ලෙස හඳුන්වනු ලැබීය.
කෙසේ වෙතත්, එක්සත් ජනපද රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් සිකුරාදා නිකුත් කරන ලද ප්‍රක්ෂේපණයකට අනුව, ජූලි 4 වනවිට එක්සත් ජනපදය ආශ්‍රිතව නව කොරෝනා වෛරස මරණ 130,000ක් සිදුවිය හැකි බව කියයි.
එසේම ප්‍රාන්ත නැවත ක්‍රමයෙන් විවෘත වන පසුබිමක කොවිඩ් -19 ආසාදිතයන් මෙම ගිම්හානයේදී ඉහළ යා හැකි බව එම මධ්‍යස්ථානයේ බෝවන රෝග පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂවරයා පවසා සිටියේය.

popular news
-
Kumar Sunday, 14 June 2020 07:27 AM
Yeah right, at onset of the pandemic he said it will be gone in three week. After this many cases and three months later he making a false statement again.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

