කොරෝනා රෝගීන් 1749ක් ඊයේ වාර්තා වෙද්දී 1824ක් සුවය ලබලා
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරී ගිය කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන හුබෙයි පළාතෙන් ඊයේ (18දා) දිනය තුළ නව ආසාදිතයන් 1,693 දෙනෙකු තහවුරු වූ අතර, පළාත තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 61,682ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය වනවිට චීන ප්‍රධාන භූමියේ නව කොරොන වෛරස් රෝගීන් 1,749ක් තහවුරු වී ඇති අතර, නව මරණ 136ක් වාර්තා වී ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
එමෙන්ම චීන භූමියේ තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 74,185ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 2,004කි.
එදිනම චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ නව රෝගීන් 1,824 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 14,376ක් වන බවයි.
හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපවල සහ චීනයේ තායිවාන් කලාපයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව වන්නේ, හොංකොං 62කි. එහි එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව සිව් දෙනෙකු සුවය ලැබීය. මැකාවෝ 10කි. තායිවානයේ 22ක්. එහි අයෙකු මියගොස් දෙදෙනෙකු සුවය ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

