කොංගෝව වෙත තවත් චීන එන්නත් පරිත්‍යාගයක්
කොංගෝ ජනරජයට චීන රජයෙන් සීනොෆාම් කොවඩ්-19 මර්දන එන්නතෙහි අමතර මාත්‍රා 200,000ක් ලැබී තිබේ.
කොංගෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාණ්ඩලික ප්‍රධානී ජීන්-ඉග්නෙස් ටෙන්ඩලට්, චීන රජයේ මෙම පරිත්‍යාගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය.
චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ (FOCAC) 8 වැනි අමාත්‍ය සමුළුවේදී චීනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අප්‍රිකාවට ආධාර මාලාව විසින් නැවත වරක් චීන-අප්‍රිකානු සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය සහයෝගයේ අධිෂ්ඨානය සහ දෙරටේ ජනතාව අතර ඇති ගැඹුරු මිත්‍රත්වය පිළිබිඹු කර ඇති බව ටෙන්ඩලට් පැවසීය
බ්‍රහස්පතින්දා අගභාගයේදී චීන පරිත්‍යාග පැමිණීම පිළිගනු ලැබූ කොංගෝ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ මාණ්ඩලික ප්‍රධානී මැක්ස් හෙන්රි මොන්කා පැවසුවේ 1964 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට චීනය සමඟ සබඳතා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.
වසංගතය පැතිර යාමේ සිට එන්නත් සහ වෙනත් වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබාදීම ගැන ඔහු චීනයට ස්තූති කළේය.
කොවිඩ්-19ට එරෙහිව හැකි ඉක්මනින් ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි වන පරිදි එන්නත් විද ගන්නා ලෙස කොංගෝ ජනරජයේ ජනතාවගෙන් ඉල්ලා සිටි මොන්කා, චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවත්, ඒවා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් බවත් අවධාරණය කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

