කොංග්රස් ගොඩනැගිල්ල තුළදී වෙඩි පහරකින් කතක් මරුදකී
- 7 01 2021
- 08:03
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇමෙරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදී කැරලිකරුවන් කඩා වැදීමේ සිදුවීම අතරතුර වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් තුවාල ලබා ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
"ඔව්, කැපිටල් ඇතුළත සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර තිබුණා." මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ඩස්ටින් ස්ටර්න්බෙක් පැවසීය.
ස්ටර්න්බෙක් පැවසුවේ, "මෙහි අපරාධ පරීක්ෂණයක් ලෙස පවතින බැවින් අමතර තොරතුරු ඉදිරියේදී ලබාදෙනවා." යනුවෙනි.
කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යද්දී තත්ත්වය පාලනය කිරීමට ඒ තුළ කඳුළු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
