කිම් ජොන්ග්-උන්ගෙන් පාප් තුමන්ට උ.කොරියාවට ඇරයුම්
උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන ලෙස එරට නායක කිම් ජොන්ග් - උන් විසින් පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන්ට ඇරයුම් කරනු ලැබ ඇතැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව, ලබන සතියේ වතිකානුවේ සංචාරයක නිරත වීමට නියමිත දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් විසින් පියෝන්ග්යෑන්ග්හි සංචාරය කරන ලෙස සඳහන් ආරාධනය පාප්තුමන් වෙත භාරදෙනු ඇති බව කියැවෙයි.
මීට පෙර, ජුවාන් පාවුළු පාප් තුමන්ට එරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණද, මෙතෙක් කිසිදු වතිකානු ආගමික නායකයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වී නොමැත.
එසේ ම, උතුරු කොරියාව සහ වතිකානුව අතර කිසිදු නිල රාජ්ය තාන්ත්රික සබඳතාවක්ද මේ දක්වා තිබී නොමැත.
මේ වසරේදී උතුරු කොරියානු නායකයා, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හමුවූ අතර අන්තර් කොරියානු සමුළු 3ක් ද පැවැත්විණි. එමෙන්ම, ඉදිරියේදීද ට්රම්ප් හා කිම් ජොන්ග්-උන් අතර හමුවක් සිදුවනු ඇති බව පැවසෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

