කිම් ජොන් උන්ගේ නැන්දා වසර 6කට පසු යළි කරළියට
උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ගේ නැන්දා 2013 දී සිදුවූ සිය සැමියාගේ ඝාතනයෙන් පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ.
කිම් කියොං-හුයි යනු උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්-සුංගේ දියණිය වන අතර හිටපු නායක කිම් ජොන්-ඉල්ගේ සහෝදරියයි.
ඇගේ ස්වාමිපුරුෂයා වන චැං සොං-තේක් රාජාද්රෝහියෙකු ලෙස සලකා කිම් ජොන්ග් උන්ගේ අණින් ඝාතනය වීමෙන් පසුව ඇය ප්‍රථම වරට මෙසේ ප්‍රසිද්ධියේ දැකගත හැකිවූයේ පසුගියදාය.
නව අවුරුදු සැමරුම වෙනුවෙන් එරට සංවිධානය වී තිබූ අවුරුදු සැමරුම් උත්සවයක් අතරතුර ඇයගේ ඡායාරූප එරට රජයේ මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබුණි.
උතුරු කොරියාවේ රාජ්‍ය රජයේ ප්රවෘත්ති ඒජන්සිය නිකුත් කළ ඡායාරූපවල කිම් ජොන් උන් සහ ඔහුගේ බිරිඳ අසල කිම් කියොං-හුයි, පියොංයැන් නගරයේ හි ජනාකීර්ණ රඟහලක අසුන්ගෙන සිටින අයුරු දැක්වේ. පැමිණ සිටි ඉහළ පෙළේ නිලධාරීන්ගේ ලැයිස්තුවටද ඇය ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.
උතුරු කොරියාව පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවන බොහෝ පිරිස් උපකල්පනය කර තිබුණේ කිම් කියොං-හුයි සිරගත කර හෝ හෝ ඇගේ ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසුව ඇයවද මරා දමා ඇති බවය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

