ADA
www.ada.lk
2025 ජුලි මස 15 වන අඟහරුවාදා
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ල හෙවත්, කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් හිතවාදී ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටි බව විදෙස් වාර්තා පවසයි.
කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූවත්, ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදී තිබුණි. එහිදී ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි.
"අපට ඕනෑ ට්‍රම්ප්" යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා එම ගොඩනැගිල්ලේ හෙළි නොකළ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව කියයි.
මෙහිදී කොංග්රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිත ස්ථාන කරා දිව යන ආකාරයත්, ඇතැම් වයෝවෘද්ධ කොංග්රස් සභිකයන් දැඩි අපහසුතාවකට පත්ව එම ස්ථානයන්හිම බිම දිගාවී සිටින ආකාරයත් දැකිය හැකි විය.
ඇමෙරිකාවේ මේ ආකාරයේ ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම බිඳ වැටී, ප්‍රචණ්ඩකාරී ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය.
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd