කැනඩාවේ අගමැති බිරිඳ සම්පූර්ණයෙන් සුවය ලබයි
කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ බිරිඳ වන සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නිවේදනය තබමින් කියා සිටියේ තමන් කොවිඩ්-19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබූ බවයි.
"ශුභාරංචිය නම් වෛද්‍යවරුන් විසින් දැන් මගේ සෞඛ්‍ය පිළිබඳ පැහැදිලි සහතිකයක් ලබා තිබීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා" යනුවෙන් ඇය ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා ද්විත්වයෙන්ම සිය ඉන්ස්ටග්‍රෑම් සටහනක සඳහන් නිකුත් කර ඇත.
"මගේ හද පත්ලෙන්ම, මා වෙත සුභ පැතුම් එකතු කළ සැමට ස්තූතියි කියන්නට කැමතියි. මේ වනවිට රෝගයෙන් පීඩාවට පත් සෑම කෙනෙකුටම මම සුවපත්භාවය පතනවා." ඇය වැඩිදුරටත් කීය.
ග්‍රෙගෝයර් ටෘඩෝ විසින් එක්සත් රාජධානියේ සංචාරයකින් පසුව මාර්තු 12 වැනි දින වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂාවකදී තහවුරු විය.
කෙසේ වෙතත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔවුන්ගේ දරුවන් මෙම පරීක්ෂාවට මුහුණ නොදුන්නත්, සිය බිරිඳට වෛරසය ආසාදනය වීමත් සමග ඇය හා දරුවන් තිදෙනා සමග ඔටාවා නිවසේ නිරෝධායනයට යොමුවිය.
එහිදී ඔහු දිනපතා නිවසින් පිටත සිට පුවත්පත් සාකච්ඡාවලට පවා මුහුණදුන් අතර, තමා හා දරුවන් රෝග ලක්ෂණ නොපෙන්වූ නිසා පරීක්ෂාවට බඳුන් නොවූ බව කියා තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

