කැනඩා ටොරොන්ටෝ නගරයේ විවෘත වෙඩි තැබීමකින් 4කට තුවාල
කැනඩාවේ, ටොරොන්ටෝ නගරයේ පැසිපන්දු ජයග්රහණයක් සැමරීම සඳහා රොක්වූ දැවැන්ත ජනගඟක් මැද සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් සිවදෙනෙකු තුවාල ලබා තිබේ.
ටොරොන්ටෝ රැප්ටර්ස් පාසිපන්දු කණ්ඩායමේ ජයග්රහණය සැමරීම වෙනුවෙන් නේතන් ෆිලිප්ස් චතුරස්රය වෙත මෙසේ දහස් ගණන් පිරිස එක්රැස්ව සිටි අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇත.
කෙසේ වෙතත්, වෙඩි ප්රහාරයත් සමග පැමිණ සිටි පිරිස් හිස් ලූ ලූ අත දිව යෑමට පටන් ගෙන ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති නමුත්, ජීවිත අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ගිනි අවි දෙකක් සොයාගැනීමට පොලීසියට හැකිවී ඇති අතර, පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී පටිගත කළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප ඇත්නම් පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ඒවා යොමුකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත්, මේ වනවිට තත්ත්වය සමනය කිරීමට ටොරොන්ටෝ පොලීසිය කටයුතු කර තිබේ.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

