ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ පුවත්පත් මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු කටයුතු කළ ශුජාත් බුඛාරි නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රීනගර් හිදී ඔහු මෙම වෙඩි තැබීමට ලක්ව ඇති අතර, ඔහු බී.බී.සී. වෙබ් අඩවිය වෙනුවෙන්ද ලිපි සැපයූවෙකු බව සඳහන් වෙයි.
රයිසින්ග් කාෂ්මීර් පුවත්පත් කාර්යාලය අසලදී ඔහු සිය මෝටර් රථ තුළ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව සිටි බුඛාරි වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණත්, පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් බලධාරීහු පැවසූහ.
ඔහු සමග සිටි තවත් අයෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් අයෙකු තුවාල ලබා තිබේ.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, මෙය ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රහාරයක් බව විශ්වාස කෙරෙයි.