චීන චන්ද්‍ර අලුත් අවුරුදු සංචාර සඳහා චීන ජාතිකයන් බෙහෙවින් පෙළඹී සිටියත් නව කොරොනා වෛරසය හෙවත් කොවිඩ්-19 පැතිරීමත් සමග චීනයේ අසල්වැසි රාජ්‍යයන් වෙත සිදුකෙරෙන සංචාර ඔවුන් සීමා කිරීමෙන් එම කර්මාන්තයට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
වසංගතය පැතිරීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස චීනය විදේශ ගමනාන්ත වෙත සංචාර කණ්ඩායම් වශයෙන් ඇතුළු වීම තහනම් කරමින්, අත්‍යවශ්‍ය ගමන් හැර අනෙකුත් සියල්ල අවලංගු කරන ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර ලෝක ලෝක සංචාරක සංවිධානයද පවසා සිටියේ, සංචාරක ව්‍යාපාරය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවේ බලපෑමට ගොදුරු විය හැකි බවය. චීනය ගෝලීය සංචාරක ව්‍යාපාරයේ විශාලතම ප්‍රභව වෙළෙඳ පොළ වීමත් සමඟ චීන සංචාරකයින්ගේ අඩුවීම බොහෝ රටවලට සහ කලාපවලට විශාල අභියෝගයක් වී ඇත.
සංඛ්‍යාලේඛනවලට අනුව, නිවාඩු කාලය තුළ චීන සංචාරකයන් සඳහා වඩාත් ජනප්‍රිය කෙටි දුර ගමනාන්ත ලෙස අසල්වැසි ජපානය, තායිලන්තය සහ සිංගප්පූරුව ලැයිස්තුගත කර ඇත. එහිදී නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මෙම රටවල සංචාරක අංශයට බලපා ඇත්තේ මෙසේය.
ජපානය
ජපාන සංචාරක ඒජන්සියේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2019 දී ජපානයට පැමිණි චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 9.59ක් වූ අතර, ඔවුන් එක්සත් ජනපද ඩොලර් බිලියන 14.4 කට ආසන්න මුදලක් වැය කර ඇත. ඔවුන්ගෙන් 60%ක් තනි සංචාර සහ 40%කණ්ඩායම් චාරිකා විය. වෛරසය හේතුවෙන් ජපාන සංචාරක නියෝජිතයින්ගේ සංගමය ඇස්තමේන්තු කර ඇති පරිදි, ජපානයේ සංචාර අවලංගු කළ චීන කණ්ඩායම් සංචාරකයන්ගේ සංඛ්‍යාව 400,000 ඉක්මවිය හැකිය. එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8ක් පමණ ඔවුන්ගේ ආදායම් අඩුවනු ඇති බව කියැවෙයි.
තායිලන්තය
සංචාරක ව්‍යාපාරය තායිලන්තයට විශාල ආර්ථික දායකත්වයක් සපයන අතර චීන සංචාරකයින් එහි පැමිණෙන සංචාරකයින්ගෙන් 30%ක් පමණ වේ. පසුගිය වසරේ තායිලන්තයට පැමිණි චීන සංචාරකයින් මිලියන 11ක් එක්සත් ජනපද ඩොලර් බිලියන 18කට ආසන්න මුදලක් වැය කර ඇත. එය විදේශීය සංචාරකයින්ගේ මුළු වියදමෙන් හතරෙන් එකකට වඩා වැඩිය.
වසරේ මෙම අවස්ථාවේදී, එය තායිලන්තයේ ඉහළම සංචාරක සමය විය යුතුව තිබුණද, කොරොනා වෛරසය පැතිරීම මධ්‍යයේ චීන සංචාරකයින්ගේ පැමිණීම අඩුවිය. මේ වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී තායිලන්තයට යාමට මුලින් සැලසුම් කළ චීන සංචාරකයින් මිලියන 1.2 ත් 1.3 ත් අතර ප්‍රමාණයක් ඔවුන්ගේ සංචාර අවලංගු කළ බව බෑන්ක් පෝස්ට් වාර්තා කරයි.
ෆුකෙට් හි සංචාරක මගපෙන්වන්නන් 7,000ක් අතරින් චීන භාෂාව කතා කරන සංචාරක මාර්ගෝපදේශකයන් 3,000ක් පමණ රැකියාවෙන් බැහැරව සිටින අතර, ඔවුන්ගේ ජීවන වියදම් පියවා ගැනීම සඳහා මූල්‍ය ආධාර අවශ්‍ය බව ෆුකෙට් වෘත්තීය මාර්ගෝපදේශ සංගමයේ නියෝජ්‍ය ප්‍රධානී නත්තකෝර්න් රූන්ග්රෝට් පැවසීය. තායිලන්තයේ සංචාරක අධිකාරිය ඇස්තමේන්තු කර ඇත්තේ වෛරසය පැතිරී යාමෙන් එහි සංචාරක අංශයට එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක පාඩුවක් සිදුවිය හැකි බවයි.
සිංගප්පූරුව
ඉන්දුනීසියාව හා ඉන්දියාවට වඩා සංචාරකයින්ගේ විශාලතම ප්‍රභවයක් වන සිංගප්පූරුවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් 20%ක් පමණ චීනය වැසියන්ය. නමුත් දැන් එයින් දිනකට සංචාරකයින් 18,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් අහිමි වන බව සිංගප්පූරු සංචාරක මණ්ඩලයේ ප්‍රධාන විධායක කීත් ටැන් පවසයි.
නව කොරොනා වෛරසය පැතිරී යාමෙන් සංචාරකයින්ගේ පැමිණීම 25%ත් 30%ත් අතර අඩුවීමක් සිදුවිය හැකි හැකි බව ටැන් පවසයි.