උතුරු කොරියානු අත්අඩංගුවේ සිට පසුව ජීවිතක්ෂයට පත් ඇමෙරිකානු සිසුවාගේ පවුලේ ඥාතීන් ඇමෙරිකානු ජනපති උතුරු කොරියානු නායකයා ප්‍රශංසා කිරීම ගැන චෝදනා නගා තිබේ.
ඔටෝ වෝම්බියර්ගේ දෙමව්පියන් පවසා තිබුණේ ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහභාගී වූ සමුළුව අතරතුර ගෞරවනීයව නිහඬව සිටියත් දැන් විවෘතව කතා කිරීමට අවස්ථාව බවයි.
සමාව ඉල්ලීමෙන් හෝ අධික වර්ණනාවන්ගෙන් කිසිවක් වෙනස් නොවන බව පවසන ඔවුන්, කිම් සහ ඔහුගේ යක්ෂ පාලනය සිය දරුවා මරා දැමූ බවට චෝදනා කරයි.
ඇමෙරිකානු ජනපතිවරයා කිම් ජොන්ග් උන් සම්බන්ධයෙන් සමුළුව අතරතුර සිදුකළ වර්ණනාවන්ගෙන් පසුව මියගිය සිසුවාගේ දෙමවුපියන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසා තිබේ.
කෙසේ වෙතත්, වියට්නාමයේ හැනෝයි නගරයේදී ට්‍රම්ප් සහ කිම් සහභාගී වූ දෙවැනි සමුළුව කිසිදු එකඟත්වයකින් තොරව අවසන් විය.
උතුරු කොරියාව පූර්ණ සම්බාධක කප්පාදුවක් ඉල්ලා සිටීම සාකච්ඡා බිඳ වැටීමට හේතුව බව ට්‍රම්ප් කියා සිටියත්, උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා පසුව කියා තිබුණේ ඔවුන් එවැනි සම්පූර්ණ සම්බාධක කප්පාදුවක් ඉල්ලා නොසිටි බවයි.