කෙන්යාවේ ප්රධාන ගුවන් තොටුපොළ 4ක සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයක් හේතුවෙන් ගුවන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.
ගුවන් තොටුපළ බලධාරීන් සහ ජාතික ගුවන් සේවය අතර සිදුවන ඒකාබද්ධවීම සම්බන්ධයෙන් තම විරෝධය පෑම සඳහා මෙම විරෝධතාව පවත්වා ඇත.
නැගෙනහිර ආසියාවේ විශාලතම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ජෝමෝ කෙන්යාටා ගුවන් තොටුපොළෙහි සිට ගුවන් යානා 60ක් ගුවන් ගත කිරීම වැළකී ඇති අතර, ඇතැම් ගුවන් යානා මගීන් නොමැතිව ගමන් කර ඇති බවද වාර්තා වෙයි.
මීට අමතරව, මොම්බාසා, එල්ඩොරේට් සහ කිසුමු යන ගුවන් තොටුපොළ වෙතද මෙම වැඩවර්ජනය හේතුවෙන් දැඩි බලපෑමක් සිදුව ඇත.
කෙන්යානු රජය මෙම වැඩවර්ජනය දැඩිව හෙළා දැක ඇති අතර, එය නීතිවිරෝධී වැඩවර්ජනයක් බවද කියයි.
තත්ත්වය සමනය කිරීම සඳහා අමතර සේවකයන් යොදා ගුවන් තොටුපොළ කාර්යයන් යථාතත්ත්වයට පත්කරන බවද රජය පවසා තිබේ.