කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ දිව දෙකේ මිනිසෙකු බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
නේටෝ නායකයන්ගේ හමුවක් අතරතුර විදෙස් නායකයන් පිරිසක් අතර සිදුවූ කතාබහක් දැක්වෙන වීඩියෝවක ටෘඩෝ විසින් ඇමෙරිකානු නායකයා සමච්චලයට ලක්කරන දසුන් කිහිපයක් පසුගියදා විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ට්‍රම්ප් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.
එම වීඩියෝව බකිංහැම් මාලිගයේ පැවති අල්ලාප සල්ලාපයකදී ගත් වීඩියෝවක් නිසා අවට ශබ්ද සමග එතරම් පැහැදිලිව නෑසුනද, එම අවස්ථාවේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට්, එළිසබෙත් රැජිනගේ දියණිය වන ඈන් කුමරිය ඇතුළු පිරිස සමග එම සංවාදය සිදුවෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වා ඇති කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් කිසිසේත්ම ට්‍රම්ප් ඉලක්ක කරමින් චෝදනාවක් නොකළ බවයි.
මෙවර නේටෝ සමුළුව ලන්ඩනයේදී පැවැත්වුණේ එහි 70 වැනි සංවත්සරයට සමගාමීව වන අතර, මෙහිදී නේටෝ නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයකට එකඟත්වය පළ කර තිබුණත්, විවිධ ක්ෂේත්රයන් ඔස්සේ රටවල් අතර කඹ ඇදිල්ලක්ද පැවතිණි.
මෙම තත්ත්වයන් සමග සමුළුව අවසානයේදී ඇමෙරිකානු නායකයා විසින් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවද අවලංගුකර තිබුණි.