ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කොවිඩ්-19 ආසාදිත මරණය වාර්තා වෙයි
- 1 03 2020
- 08:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ප්‍රථම මරණය අද (01දා) වාර්තා විය.
එරට මාධ්‍ය වාර්තා කළේ කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පර්ත් හි වැසියෙකු මේ ආකාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
චීනයේ හුබෙයි පළාත කේන්ද්‍ර කරගෙන ඇති වූ නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අනතුරු ඇඟවීම් මට්ටම ඉහළම අගයට ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
