ඔස්ට්‍රේලියාවේ ජනාකීර්ණම නගරය ලෙස සැලකෙන සිඩ්නි නගරයට උතුරුදෙසින් පැතිර යන ලැව්ගිනි පාලනය කළ නොහැකි මට්ටමේ පවතින බව එරට ගිනි නිවන අංශ පවසයි.
එහිදී, මේ වනවිටත් හෙක්ටයාර ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර, එය සිඩ්නි නගරයට උතුරු දෙසින් පැතිරෙමින් පවතී.
ඒ අනුව, මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුට තම දේපොළ ආරක්ෂා කරගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව පවසන ඔවුන්, ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා කඩිනමින් නිවෙස්වලින් පිටව යන ලෙස ජනතාවට උපදෙස් දී ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඔස්ට්‍රේලියාව පුරා ලැව්ගිනි පැතිර යමින් පවතින අතර, දැනටමත් නිවාස 700කට වඩා විනාශ කරමින් මිනිස් ජීවිත 6ක් බිලිගෙන ඇත. එමෙන්ම ලැව්ගිනි හේතුවෙන් විනාශ වූ සතුන් ගණනය කළ නොහැකි තරම් වන බව කියැවෙයි.