ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මුහුණදෙන දරුණුතම නියඟයෙන් සහනයක් සලසන ලෙස ඉල්ලා අදට යෙදෙන ඊද් අල්-අදාහ් උත්සවය වෙනුවෙන් එරට මුස්ලිම් ජනතාව යාඥා කර තිබේ.
ඔස්ට්‍රේලියාව පුරා පිහිටි මුස්ලිම් පල්ලි 16ක මුස්ලිම් ජනතාව ඒකරාශී වෙමින් මෙම යාඥා මෙහෙය සිදුකර ඇත.
බිලිදීමේ උත්සවය හෙවත් ඊද් අල්-අදාහ් උත්සවය ලොව පුරා අද පැවැත්වෙන අතර, මෙම උත්සවය නිමිත කරගෙන ඔස්ට්‍රේලියාවේ පැවති ආගමික වතාවත්වලදී මෙසේ නියඟය මුල් තැනට පැමිණ තිබේ.
එහිදී, නියඟයෙන් පීඩාවට පත්වූවන්ට සහනාධාර එකතු කිරීමේ වැඩපිළිවෙළක්ද මුස්ලිම් පල්ලි එකතුව සූදානම් කර තිබූ බව කියැවෙයි.
ලෙබනන් මුස්ලිම් සංගමය විසින් මෙම සමස්ත ක්‍රියාවලිය සංවිධානය කර තිබූ අතර, මෙය ඔස්ට්‍රේලියාවටද බලපෑ ජිහාඩ් අන්තවාදයෙන් පෑරුණු ඔස්ට්‍රේලියානු සිත් සමනය කිරීමේ වැඩසටහනක් ලෙසද ඇතැම් දෙනා හඳුන්වා දී තිබුණි.
එහිදී, ඔස්ට්‍රේලියානුවන් ලෙස එක් පවුලක් ලෙස කටයුතු කළ යුතු බවත්, එහිදී, සියලු දෙනා ඔවුනොවුන්ගේ කාර්යභාරය ඉටුකළ යුතු බවත් හෙතෙම ලෙබනන් මුස්ලිම් සංගමය පවසා සිටියි.