ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය වන ජූලි බිෂොප් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉතා උණුසුම් අභ්‍යන්තර ඡන්ද විමසීමකින් පසුව එරට නව අගමැති ධුරයට පසුගියදා ස්කොට් මොරිසන් පත්වීමත් සමග ඔහු සිය නව කැබිනට් මණ්ඩලය නම්කිරීමට සූදානම් වන බැවින් ඇය මෙම තීරණය ගෙන ඇති බව කියැවෙයි.
එමෙන්ම, 2019 වසරේදී පැවැත්වෙන මීළඟ මහ මැතිවරණය සඳහා තමන් තරග නොවදින බවද ඇය මෙහිදී නිවේදනය කරනු ඇති බව කියැවෙයි.
ඔස්ට්‍රේලියානු අගමැති ධුරය ආරක්ෂා කරගැනීම සඳහා මැල්කම් ටර්න්බුල් ගෙනගිය සටන පරාජයට පත්වීමත් සමග ලිබරල් පක්ෂයේ වසර 11ක කාලයක් අඛණ්ඩව දැරූ උප නායක පදවියද ඇයට අහිමි විය.
දශක දෙකකට අධික කාලයක් ෆෙඩරල් දේශපාලන භූමිකාවක් හෙබවූ බිෂොප් බටහිර ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ ඇයෙකි.
මේ වනවිට ඇය 62 වැනි වියෙහි පසුවෙයි.