රට තුළ දැවැන්ත ලැව්ගිනි අර්බුදයක් මධ්‍යයේ නිවාඩුවක් ගත කිරීම සඳහා හවායි වෙත යෑමෙන් ජනතාව තුළ මහත් කණස්සල්ලක් ඇති කිරීම ගැන ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සමාව අයැද තිබේ.
අගමැතිවරයා රට සවාරියක යෑමේ සිද්ධිය ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ, "ඔබ ඔබේ දරුවන්ට පොරොන්දුවක් දුන්විට ඔබ එය ඉටු කළ යුතුව ඇත, නමුත් අගමැති වශයෙන් ඔබට වෙනත් වගකීම් ඇත." යනුවෙනි.
තමා පිළිබඳ විවේචන වැඩිවීම නිසා මොරිසන් හවායි සංචාරය අතරතුර යළි පෙරළා ඔස්ට්‍රේලියාව බලා පැමිණියේය.
ලැව්ගිනි හේතුවෙන් පසුගිය සෙනසුරාදා දිනයේද අයෙකු මියගොස් ඇති අතර ප්‍රාන්ත තුනක ලැව්ගිනි පැතිරෙමින් තිබේ.
සැප්තැම්බරයේ සිට ඔස්ට්‍රේලියාවේ ලැවිගිනි හදිසි තත්ත්වයක් පවතින අතර, අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් නිවාස 700කට වැඩි ප්‍රමාණයක් විනාශ වී හෙක්ටයාර් මිලියන ගණනක් විනාශ වී තිබේ.