ඔස්ට්‍රේලියානු අගමැති ධුරය වෙනුවෙන් දින කිහිපයක් පැවති නාටකය අවසන් වෙමින් මැල්කම් ටර්න්බුල්ට ධුරය අහිමිව, නව අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් පත්ව තිබේ.
ටර්න්බුල්ගේ ජනප්රිත්වය අහිමි වීම සහ පක්ෂ අභ්‍යන්තරයේ බහුතරය රැකගැනීමට අපොහොසත් වීම යන සාධක මූලික කරගෙන අගමැතිවරයා වෙත සතියක කාලයක් පුරා එල්ල වූ පීඩනයෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට සිය ධුරයෙන් පසුබැසීමට සිදුවිය.
පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ මොරිසන්, පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමෙන් 45 - 40ක් ලෙස ඉදිරියට පැමිණීම හේතුවෙන් ඔහු අගමැතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට තීරණය විය.
දශකයක කාලයක් තුළ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී තම පක්ෂයේ සගයන් අතින්ම ධුරය අත්හැර දැමීමට සිදුවූ සිව්වැනි අගමැතිවරයා බවට ටර්න්බුල් පත්වෙයි.
මේ ශ්‍රේෂ්ඨ රටේ නායකයා ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් වූ භාග්‍යයක්. මම ඔස්ට්‍රේලියාවට වගේම, ඔස්ට්‍රේලියානුවන්ට ආදරෙයි... ටර්න්බුල් පවසා සිටියේය.
ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් මොරිසන්, මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔහුගේ කැබිනට් මණ්ඩලය ලබන සතියේදී තෝරා පත්කර ගන්නා බවයි.
2007 වසරේදී පාර්ලිමේන්තුවට ඇතුළු වූ මොරිසන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ සුවිශේෂි අමාත්‍ය ධුර තුනක් හොබවා ඇත්තෙකි.