එසෙක්ස් ලොරි රථයේ මරණ ගැන ලොරි රියදුරාට චෝදනා එල්ල වේ
එසෙක්ස් හි ශීත කළ ලොරි රථයක තිබී මළ සිරුරු 39ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රථයේ රියදුරු වෙත චෝදනා ගොනුවී තිබේ.
රොබින්සන් නමැති 25 හැවිරිදි මෙම තැනැත්තා නිර්දෝෂී පුද්ගලෙයකු බව ඔහුගේ ඥාතීන් හා හිතවතුන් කියා සිටියත්, මූලික පරීක්ෂණවලට අනුව ඔහුද මෙම මිනිස් ජාවාරමේ කොටස්කරුවෙකු බව අනාවරණය වී ඇත.
පසුගිය බදාදා මෙම මළ සිරුරු හමුවූ අතර, එහි පිරිමි මළ සිරුරු 31ක් සහ ගැහැණු සිරුරු 8ක් විය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළව මනුෂ්‍ය ජාවාරම, සංක්‍රමණය හා කළු සල්ලි ජාවාරම යන චෝදනා අදාළ ලොරි රථ රියදුරාට එල්ල වී තිබේ.
උතුරු අයර්ලන්තයේ පදිංචිකරුවෙකු වන මෙම ලොරි රථ රියදුරා හෙට (28දා) චෙල්ස්ම්ෆෝඩ් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව, තවත් පුද්ගලයන් තිදෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ද මනුෂ්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

