එක්සත් රාජධානිය මැතිවරණයෙන් බොරිස් ඓතිහාසික ජයග්‍රහණයක
මහා බ්‍රිතාන්‍යයේ ඊයේ (12දා) පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන 78ක් දිනාගැනීමට අග්‍රාමාත්‍ය බෝරෝස් ජොන්සන්ට හැකි විය.
ඒ අනුව ඔහු ඉදිරියටත් එම ධුරයේ කටයුතු කරනු ඇති අතර, 1987 වසරෙන් පසු වැඩිම බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් පාලක කොන්සර්වේටිව් පක්ෂයට මෙම තීරණයත් සමග බ්‍රෙක්සිට් කරා පහසුවෙන් යෑමට ජන වරමක් හිමිව තිබේ.
අගමැතිවරයාද කියා සිටියේ, බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කර ලබන මාසයේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමට තමන්ට මැතිවරණ ප්‍රතිඵලය මගින් වරමක් ලබාදී ඇති බවයි.
බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කරන බවට බොරිස් ජොන්සන් දුන් ප්‍රතිඥාව ඔහු වෙත ඡන්ද දායකයන් නැඹුරු වීමට හේතු වී ඇති බවක් පෙනෙන්නට ඇති අතර, මීට පෙර ලේබර් පක්ෂයට ලැදි වූ කොට්ඨාසවල පවා එම තත්ත්වය දැකිය හැකි වූ බව මැතිවරණ විශ්ලේෂකයෝ පවසති.
යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නැද්ද? යන්න තීන්දු කිරීම සඳහා පැවති ජනමත විචාරණයේදී ඉන් ඉවත් විය යුතු බව පවසා විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කළ එංගලන්තයට ඇතුළත් මිඩ්ලන්ඩ්ස්, නෝර්ත් ඊස්ට් සහ යෝක්ෂයර් යන කලාපවල කොන්සර්වේටිව් වෙත ලැබී ඇති සහාය 4%කින් ඉහළ ගොස් ඇත.
ඊට සාපේක්ෂව කොන්සර්වේටිව් පක්ෂය ලන්ඩන් සහ සවුත් ඊස්ට් කලාප තුළ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 1%කින් පහළ ගොස් ඇත.

popular news
-
Don Saturday, 14 December 2019 07:55 AM
බොරිස් ජොන්සන් වගේම හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පාර්ලිමේන්තුවට එන්නේ රෝද දෙකේ බයිසිකලයෙන් එංගලන්තේ, රජයේ වාහනයකුත් රජයේ රියදුරු කෙනෙකුත් ඉන්නේ අගමැතිට විතරයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ආවොත් ඒ වාහනය පාවිච්චි කරන්නේ. මැති ඇමතිවරු ගමන් බිමන් යන්නේ පාරේ බස් එකේ, කෝච්චියේ. ලෝකෙන්ම උතුම්ම රට ලංකාව නිසා ලොක්කෝ සහ උන්නේ පවුල් යන්නේ හෙලිකොප්ටර් වලින්. අඩුම ගානේ අමාත්‍යංශ ලේකම්ගේ බිරිය සහ දරුවනුත්, ත්‍රිවිධ හමුදාවේ ලොක්කොත්, සියලුම කී සහ නොකී ලොක්කොත් පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ වාහන, ඉන්ධන. හෙනම ගහපන්. ගණන් බලාපන් කියල තමයි කියන්න තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

