එක්සත් ජනපදයේ පැවැත්වූ යුදෙව් පාස්කුවටත් ප්‍රහාරයක්
එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වුණු යුදෙව් පාස්කු මංගල්‍යයක් වෙත එල්ල වූ විවෘත වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැලිෆෝනියා ප්‍රාන්තයේ, පෝවේයිහි යුදෙව් සිනගෝගයක් (සම්මුති ශාලාවක්) වෙත මෙම වෙඩි තැබීම සිදුකළ 19 හැවිරිදි සැකකරුවෙකු ප්රහායෙන් පසුව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
මෙම ප්‍රහාරයට හේතුව එරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් තහවුරු කර නොතිබුණත්, මෙය වෛරී ප්‍රහාරයක් බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් වාර්තා පවසයි.


popular news
-
Kumar Tuesday, 30 April 2019 07:57 AM
යුදෙව් දෙවමදුරට පහරදුන් තරුණය සුදු අන්තවාදියෙක්. තම පාසලේ දක්ෂ සිසුවෙක්වූ මෙම තරුණයාගේ දෙමවුපියන් මේ ක්‍රියාව හෙලාදැක ඇත. මෙම තැනැත්තා අදහසවී තිබුනෙ යුදෙව් සහ ඉස්ලාමිය දේවස්ථානවලට පහරදීමටය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

