එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේ සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසයි.
“අපි මෙහි සිටිමු, මෙය සිදු කරමු.” යැයි ඔහු පවසා සිටියේ උතුරු කොරියාව චන්ද්‍රිකා දියත් කිරීමේ ස්ථානයක සිට සිදුවූ මිසයිල අත්හදා බැලීමෙන් දින කිහිපයකට පසුවය.
එහිදී, සැලකිය යුතු සම්බාධක සහන ඇතුළත් නව න්‍යෂ්ටිකහරණ ගිවිසුමක් සඳහා එක්සත් ජනපදය වෙත උතුරු කොරියාව විසින් වසර අවසාන කාල සීමාවක් නියම කළේය.
එයට එකඟ නොවන්නේ නම් එක්සත් ජනපදයට “නත්තල් තෑග්ගක්” අපේක්ෂා කළ හැකි බව ඔවුන් කීය.
ඊට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාවේ එක්සත් ජනපද විශේෂ නියෝජිත බීගුන් විසින්, පියොන්යැංගේ ප්‍රකාශය “සතුරු, නිෂේධාත්මක මෙන්ම එතරම් අනවශ්‍ය” ලෙස හැඳින්වූ අතර එක්සත් ජනපදයට “ඉලක්කයක්... නියමිත දින නියමයක් නැත...” යනුවෙන් පැවසීය.
ඔහු උතුරු කොරියානුවන් අමතමින් පියොන්යැං එක්සත් ජනපදය සමග සාකච්ඡා සඳහා කැඳවූයේ "අපගේ කාර්යයන් කිරීමට කාලයයි. මෙය සිදු කරමු. අපි මෙහි සිටිමු. ඔබ අප වෙත ළඟා වන්නේ කෙසේදැයි ඔබ දන්නවා." යැයි පවසමිනි.
මේ අතර උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අත්හරින තුරු සම්බාධක ඉවත් නොකරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
උතුරු කොරියාව පැවසුවේ එක්සත් ජනපදය පිළිගත හැකි යෝජනාවක් ඉදිරිපත් නොකළේ නම් එය “නව මාර්ගයක්” සොයා ගන්නා බවයි.