ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රටවල් දෙක අතර සබඳතා තර කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම ඉන්දියානු සංචාරය අද (24දා) ආරම්භ කරයි.
ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව් ප්‍රාන්තය වන ගුජරාටයට පැමිණීමට නියමිත අතර එහිදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාංගණයකදී විශාල ජන රැලියක් ඇමතීමටද අපේක්ෂා කරයි.
මෝදි සමඟ සාකච්ඡා කිරීම සඳහා දිල්ලි අගනුවරට පැමිණීමට පෙර ඔහු ටජ්මහල නැරඹීමට අග්‍රා බලා යනු ඇත.
එක්සත් ජනපදය ඉන්දියාවේ වඩාත්ම වැදගත් වෙළෙඳ හවුල්කරුවෙකු වන අතර 2018 දී ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන 142.6ක් විය. කෙසේ වෙතත් එක්සත් ජනපදයට ඩොලර් බිලියන 25.2ක භාණ්ඩ හා සේවා වෙළෙඳ හිඟයක් ඇත. එමෙන්ම එක්සත් ජනපදය ඉන්දියාවේ 9 වැනි විශාලතම වෙළෙඳ හවුල්කරුවා වේ.
වර්ධනය වන දේශපාලන හා උපායමාර්ගික සබඳතා තිබියදීත්, වෙළෙඳ ගැටලු සම්බන්ධයෙන් දෙරට අතර යම් ආතතියක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති. ට්‍රම්ප් විසින් ඉන්දියාවේ තීරුබදු - ආනයන සඳහා වන බදු පිළිගත නොහැකි බව පවසා ඇති අතර, ඉන්දියාව මෙම බදු, තීරුබදුවල රජු ලෙස ට්‍රම්ප් විස්තර කර ඇත.
2019 ජුනි මාසයේදී එක්සත් ජනපදය ඉන්දියාවට ලබාදී තිබූ ජීඑස්පී සහනය අවලංගු කළ අතර, මෙය ඉන්දියාවේ ඇතැම් භාණ්ඩ එක්සත් ජනපදයට තීරුබදු රහිතව ඇතුළු වීමට ඉඩ සලසන යෝජනා ක්රමයකි.
ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපද නිෂ්පාදන 28ක් සඳහා ඉන්දියාව නව තීරුබදු පැනවීමෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ අනුව, ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය තුළ මෙම රාජ්‍ය නායක දෙපළ අතර වෙළෙඳ ගනුදෙනුව ගැන බොහෝ කතාබහට ලක් නොවනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.