ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් දෙවැනි දිනයටත් වියට්නාමයේ, හැනෝයි නුවර මෙට්‍රොපෝල් හෝටලයේදී එකිනෙකා හමුවිය.
එහිදී, නායක දෙපළ එක්ව අසුන් ගෙන සුහද කතාබහක යෙදෙන අතරතුර මාධ්‍යයටද ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාදෙන ලදී.
එහිදී, ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියාව ලොව ප්‍රබල ආර්ථික බලවතෙකු බවට පත්වීමේ හැකියාවෙන් යුතු රාජ්‍යයක් බවය. ඒ වෙනුවෙන් උතුරු කොරියාවට සහාය දැක්වීමට තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
තමා විශ්වාස කරන අන්දමට වඩාත් සුවිශේෂී දෙයක් සිදුවනු ඇති බවද මෙහිදී ට්‍රම්ප් සඳහන් කළේ කිම් පසෙකින් තබාගෙනය.
මෙම සාකච්ඡාව දෙස ලෝකයම බලා සිටින බවත්, ඒ නිසාම මෙහිදී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙහිදී කිම් ජොන්ග්-උන් පවසා සිටියේය.