උ.කොරියානු බැලස්ටික් මිසයිලයක් ජපාන මුහුදට
උතුරු කොරියාව ජපන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට බැලැස්ටික් මිසයිලයක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පවසයි.
උතුරු කොරියාව ගැන සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියාව, ජපානය සහ එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානීන් සෝල්හිදී හමුවන විට මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර තිබේ.
පසුගිය සති කිහිපය තුළදී, ප්යොංයැං විසින් හයිපර්සොනික් සහ දිගු දුර යාත්‍රා මිසයිල සහ ගුවන් යානා නාශක ආයුධ යැයි සැලකෙන මිසයිල රැසක් පරීක්ෂා කරමින් අත්හදා බැලීය.
ජාත්‍යන්තර සම්බාධක නොතකා උතුරු කොරියාව සිය ආයුධ වැඩසටහන දියුණු කරමින් සිටියි.
බැලිස්ටික් මිසයිල මෙන්ම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම එක්සත් ජාතීන් විසින් එය විශේෂයෙන් තහනම් කර ඇත.
නමුත් පසුගිය සති කිහිපය තුළ දකුණු කොරියාවද තමන්ගේම ආයුධ නිපදවීම හා ඒවා අත්හදා බැලීමත් සමග සිය මිසයිල දියත් කිරීම ඉදිරියට ගෙන යෑමට උතුරු කොරියාව පියවර ගෙන ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි කොරියානු අර්ධද්වීපයේ ආයුධ තරගයක් බවට පත්ව තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

