උතුරු කොරියාව යළිත් සිය රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කරමින් පවතින බව නවතම චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වී තිබේ.
ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් අතර වියට්නාමයේ හැනෝයි නුවරදී කලාපයේ න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා අවසන් නිගමනයකින් තොරව අවසන් වී දින දෙකකට පසුව මෙම චන්ද්‍රිකා ඡායාරූප ගෙන තිබේ.
ටොන්ග්චැන්ග්-රි ලෙස සැලකෙන මෙම රොකට් දියත් කිරීමේ මධ්‍යස්ථානය උතුරු කොරියාව විසින් චන්ද්‍රිකාවන් අභ්‍යවකාශයට යැවීමට සහ රොකට් එන්ජින් සඳහා පර්යේෂණ සිදුකිරීමට යොදා ගත්තකි. කෙසේ වෙතත්, ඔවුන් කිසිම අවස්ථාවක මෙහි සිට බැලස්ටික් මිසයිල දියත් කිරීමක් සිදුකර නැත.
මෙම මධ්‍යස්ථානයේ කටයුතු නවතාලීමට ඔවුන් පසුගිය වසරේ කටයුතු කළ අතර, කෙසේ වෙතත්, ඇමෙරිකාව සමග සාකච්ඡා බිඳවැටීමෙන් පසුව ඔවුන් එහි වැඩ නැවතත් අරඹා තිබේ.
ප්යොන්ග්යැන්ග් සහ වොෂිංටනය අතර සබඳතා හා විශ්වාසය තරකර ගැනීමේ අරමුණින් මෙහි කටයුතු නවතාලීමට උතුරු කොරියාව ක්‍රියා කළේය.