ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන අතර එමඟින් ගාසා තීරයේ ජනතාවගේ ප්රචණ්ඩත්වය සහ දුක් වේදනා තවදුරටත් උග්‍ර වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින අතර තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා වෙනස්කම් විසඳා ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.