ඊශ්‍රායලයෙන් යළිත් ගාසා තිරය වෙත ගුවන් ප්‍රහාරයක්
දකුණු ඊශ්‍රායලය වෙත පලස්තීන සන්නන්ධ කණ්ඩායම් විසින් වහා ගිනි ඇති කරනසුලු බැලූන් මුදාහැර තිබීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර කිහිපයක් පලස්තීනයේ ගාසා තීරය වෙත එල්ල වී තිබේ.
හීලියම් පිරවූ සාමාන්‍ය බැලූනවලට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරගැනීමක් සිදුකර ඇති නිසා ඒවා බිම පතිත වීමත් සමග වහා ගිනි ඇවිලෙන සුලු ලෙස නිර්මාණය කර ඇත. මධ්‍යධරණී මුහුදේ සුළං ප්‍රවාහය ආධාරයෙන් ඒවා ඊශ්‍රායල් භූමිය වෙත යැවීමට හමාස් සටන්කාමීන් කටයුතු කරයි.
කෙසේ වෙතත් අද (03දා) ඊශ්‍රායලය වෙත එවා තිබූ මෙවැනි බැලූන නිසා ජීවිත හානියක් හෝ තුවාල වීමක් ඊශ්‍රායලය තුළ සිදුව නොවුණත්, ඊශ්‍රායල් තීරයේ වගා බිම් ආශ්‍රිතව ගිනි ගැනීම් කිහිපයක් ඇතිවී තිබුණි.
ඒ අනුව මීට ප්‍රතිචාර ලෙස පලස්තීනයේ හමාස් සන්නද්ධ අංශය වන අල්-කස්සම් බළකායට අයත් ගාසා නගරයට දකුණින් පිහිටි හමුදා පුහුණු කඳවුරක් ඉලක්ක කරමින් ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා මිසයිල දෙකක් එල්ල කළ බව පලස්තීන ආරංචි මාර්ග සඳහන් කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

