පසුගිය මාසයේ ඊශ්රායලය ඉරානයට එල්ල කළ ප්රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉරාන රාජ්ය ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ ජුනි 16 වන දින පෙසෙෂ්කියන් උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට සහභාගී වෙමින් සිටි ටෙහෙරානයේ රහසිගත භූගත පහසුකමකට ප්රවේශ වීමේ සහ ඇතුළු වීමේ ස්ථාන දෙකම ඉලක්ක කර ගනිමින් බෝම්බ හයක් එල්ල වූ බවයි.
ජනාධිපතිවරයා සහ අනෙකුත් අය මෙයින් බේරි යාමට ගත් උත්සාහයකදී ජනපතිවරයාගේ කකුලට තුවාල සිදුවී ඇති බව කියනු ලැබේ.